BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
වෑන්ස්ගේ ස්විට්සර්ලන්ත සංචාරය අවලංගු වීමත් සමග ඇමරිකා එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා කල් දැමෙයි
ධවල මන්දිර ප්‍රකාශකයෙකු බ්‍රහස්පතින්දා සවස [ජූනි 18] වාර්තාකරුවන්ට පැවසුවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සිය ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසූ පරිදි තාක්ෂණික සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බවයි. එක්සත් ජනපද දූත පිරිස ඕනෑ ම වේලාවක පිටත්ව යාමට සූදානම් නමුත් සාකච්ඡාවේ මෙහෙයුම් සහ සැපයුම් කටයුතු පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස උප ජනාධිපතිවරයා සිකුරාදා [ජූනි 19] ස්විට්සර්ලන්තයට නොයනු ඇති බව ද කියා සිටියේය.
නිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක්
ඔබත් සූර්ය බලශක්ති පද්ධතියක් නිවසේ හෝ ඔබේ ආයතන පරිශ්‍රය තුළ සවි කිරීමට අදහස් කරයි නම්; එහිදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
නිශාන් වේලුපිල්ලේ: FIFA ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩකයාට ශ්‍රී ලාංකික මූලයක් තිබේ ද?
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන දමිළ ජාතික ක්‍රීඩකයෙකු ගැන ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති අතර ඔහුට ශ්‍රී ලාංකික සම්භවයක් තිබේ ද යන්න බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ විමසමින් තිබේ.
වීඩියෝ, එල් නිනෝ: 'බය වෙන්න හෝ බය වෙන්න එපා කියන්න පුළුවන් දත්තයක් නෑ'-කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු, ධාවන කාලය 31,16
එල් නිනෝ තත්ත්වය නිසා මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවල ශ්‍රී ලංකාවේ වියළි කාලගුණයක් සහ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.
ටෙහෙරානය ඇමෙරිකානු ගනුදෙනුව ජයග්‍රහණයක් ලෙස හැඳින්වුවත් බොහෝ ඉරාන වැසියන් එය අවශ්‍යතාවක් ලෙස සලකන්නේ ඇයි?
නමුත් ඉරාන වැසියන් බොහෝ දෙනෙකු එහි සාර්ථකත්වය සටන් පාඨ මගින් මනිනු නොලැබේ. එය මනිනු ලබන්නේ යුද්ධය නතර වේ ද, මිල ගණන් ලිහිල් වේ ද, සම්බාධක සහන ලැබේ ද සහ තවත් හදිසි උත්සන්න වීමකින් තොරව නායකත්වයට ඊළඟ අදියර කළමනාකරණය කළ හැකි ද යන්න මත ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
2026 පළමු මාස 6 අවසන් වීමට පෙර ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි: ඩෙංගු වේගයෙන් ව්‍යාප්ත වීමට බලපා ඇති හේතුව කුමක් ද?
කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ පාරිසරික ගැටළු සහ මේ වසර මුල සිට මේ දක්වා කඩින් කඩ ඇතිවූ වර්ෂාපතනය මදුරු ගහණය ඉහළ යාමට හේතුවක් වූ බව වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ ය.
චෙම්මනි සමූහ මීනී වළ උතුරෙන් හමුවූ විශාල ම සමූහ මිනි වළ බවට පත්වේ
මේ දක්වා මිනිස් සිරුරු 351 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම හරහා චෙම්මනි සමූහ මීනීවළ උතුරු පළාතෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලම සමූහ මීනීවළ බවට පත්ව තිබේ.
එල්-නිනෝ : ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර වලට ඇති කරන බලපෑම
මෙම එල්නිනෝ තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ පසුගිය (10 වැනිදා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පරිසර අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය වැනි රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ලෝක ආහාර වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර අයතනවල නියෝජිතයෝ ද සහභාගි වූහ.
ප්‍රමිතියෙන් යුතු සුරැකුම් නිවාසයක් හඳුනාගන්නේ කෙසේ ද?
කිසියම් පවුලක සාමාජිකයෙකු වැඩිහිටි නිවාසයකට භාර දීමට පෙර එම පුද්ගලයාගේ භාරකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම්ගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, යම් සුරැකුම් නිවාසයක් නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ ද? යන්න හඳුනාගැනීම සඳහා කරුණු කිහිපයක් පරීක්ෂා කළ යුතු බව ය.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ ද?
දැනට පවතින විශ්‍රාම වයස සංශෝධනය කර එලෙස විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කර තිබේ.



















































